
නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
එම සංවිධානය පැවසුවේ අද රාත්‍රි 10.00 සිට හෙට (04) රාත්‍රී 10.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවය.
ඒ අනුව මහනුවර, කෑගල්ල, මාතලේ, යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න
-------------------------------
මහනුවර දිස්ත්‍රික්කය:- උඩුදුම්බර, මිණිපේ
කෑගල්ල දිස්ත්‍රික්කය: - දෙහිඕවිට
මාතලේ දිස්ත්‍රික්කය: -අඹන්ගග කෝරලේ, මාතලේ
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න
-------------------------------
කෑගල්ල දිස්ත්‍රික්කය:- රඹුක්කන
මාතලේ දිස්ත්‍රික්කය: - රත්තොට
රත්නපුර දිස්ත්‍රික්කය: - ඇහැලියගොඩ





















































