
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට යළි පීඩනයක් ගෙන දෙමින් එරට තරුණ ව්‍යාපාරයක් වන ‘කැරපොතු ජනතා පක්ෂය’යළි විරෝධතා මාලාවක් ආරම්භ කර තිබේ.
විභාග අක්‍රමිකතා හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මුල් කරගනිමින් පසුගිය ජුලි මාසයේ ඉන්දියාව පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ඔවුන් විසින් දියත් කර තිබූ අතර ඉන් මෝදි රජයට දැඩි පීඩනයක් එල්ල වුණි.
ඔවුන්ගේ ඉල්ලීම්වලට රජය එකඟතාවය පළ කිරීමෙන් පසු අදාළ විරෝධතා අවසන් වුව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසමින් මෙලෙස තවත් විරෝධතාවක් අද (02) සිට සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඡන්ද හිමි නාමලේඛනය මතභේදාත්මක ලෙස වෙනස් කිරීම ඊට හේතු වී ඇති සඳහන් වෙයි.
ඒ අනුව, අද මුම්බායිහිදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇති කැරපොතු ජනතා පක්ෂය ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා සිය විරෝධතා ව්‍යාප්ත කරන බවට අනතුරු අඟවා තිබේ.





















































