
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (01) පස්වරු 4.00ට නිකුත් කළ එම නිවේදනය හෙට (02) දිනය සඳහා බලපැවැත්වේ.
ඒ අනුව උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම, “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ප්‍රදේශවල ජනතාව උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.





















































