
පාසල් දරුවන් අතරින් අංකුර විද්‍යාඥයින්, පර්යේෂකයින් සහ නව නිපැයුම්කරුවන් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම සහ ඒ සඳහා අඩිතාලම දැමීම වගකීමක් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ දේශීය විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්‍රියාන්විතය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ ජාතික පාසල් විද්‍යා වැඩසටහනේ පළමු අදියරට එක්වෙමිනි.
එම වැඩසටහන ඊයේ (30) ගම්පහ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ජාතික විද්‍යා පදනම සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව ප්‍රමුඛ අනුබද්ධ ආයතන එක්ව වැඩසටහන සංවිධාන කර තිබේ.
එහිදී ගම්පහ අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කරගනිමින් පාසල් විද්‍යා සමාජ 25ක් සහ යොවුන් නව නිපැයුම් සමාජ 25ක් නිල වශයෙන් ලියාපදිංචි කර තිබේ.
මීට අමතරව, දේශීය ආර්ථිකයට දායක විය හැකි නව නිපැයුම් ව්‍යාපෘති යෝජනා 10ක් සඳහා ඉදිරි කටයුතු වෙනුවෙන් රුපියල් 50,000 බැගින් මූල්‍ය ප්‍රදාන ලබාදීමද සිදුකර ඇත.
පාසල් දරුවන් තුළ විද්‍යාත්මක චින්තනය, නිර්මාණශීලීත්වය සහ නව නිපැයුම් හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම පර්යේෂණ සහ ව්‍යවසායකත්ව කුසලතා දියුණු කිරීම වැඩසටහනේ අරමුණු අතර වේ.
විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින අධ්‍යාපනික, පර්යේෂණ හා වෘත්තීය අවස්ථා පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමද මෙහිදී සිදුකෙරිණි.
පාසල් දරුවන් ප්‍රමුඛ තරුණ පරපුර රටේ ශ්‍රේෂ්ඨතම වත්කම බවත්, ඔවුන්ගේ සැඟවුණු දක්ෂතා හඳුනාගෙන විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට යොමු කිරීමට අවශ්‍ය උත්තේජනය ලබාදීම වැඩසටහනේ අරමුණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.





















































