
උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ අවන්හලකට රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබේ.
කොළඹ 04, ගාලු පාරේ පිහිටි ආයතනයට එරෙහිව පවරා තිබූ නඩුවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩය නියම කර ඇත.
අදාළ සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව දඩය නියම කර තිබේ.
අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග අංක 96 අනුව මිලිලීටර් 500 සිට 999 දක්වා බෝතල් කළ පානීය ජලය සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 80කි.
එහෙත් අදාළ අවන්හල විසින් මිලිලීටර් 500ක ජල බෝතලයක් රුපියල් 100කට අලෙවි කර ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩු පවරා තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බෝතල් කළ පානීය ජලය, අවන්හල් හෝ හෝටල් ඇතුළු කිසිදු වෙළෙඳ ස්ථානයකදී එම මිල ඉක්මවා අලෙවි කළ නොහැකි බවයි.





















































