
ගල්ගමුව, මී ඔය ආසන්නයේ පිහිටි පාලුකඩවල මංසන්ධිය අසල තාවකාලික වෙළෙඳසැලකට කඩා වැදුණු වනඅලියෙකු එල්ල කළ ප්‍රහාරයකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව, ඔහුගේ පුතු තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.
අද (01) අලුයම මෙම අවාසනාවන්ත අනතුරින් මියගොස් ඇත්තේ තිරප්පනේ ප්‍රදේශයේ සිට පැමිණ ගල්ගමුවේ ජීවිකාව ගෙන ගිය 54 හැවිරිදි අයෙකි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහුගේ 18 හැවිරිදි ඔහුගේ පුතු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
ඔවුන් අදාළ ස්ථානයේ කුඩා කූඩාරමක් තනාගෙන දීර්ඝ කාලයක සිට කොමඩු සහ එළවළු අලෙවි කරමින් ජීවිකාව පවත්වාගෙන ගොස් ඇති අතර, අලුයම් කාලයේ වෙළෙඳසැලේ රැඳී සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.





















































