
2026 ජාතික කෘත්‍රිම බුද්ධි සම්මාන උළෙලේදී (National AI Awards) 'Best AI Solution in Media' සඳහා වන සම්මානය දිනාගැනීමට AdaDerana.lk සමත්වී ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-Mobitel එක්ව සංවිධානය කළ '2026 ශ්‍රී ලංකා කෘත්‍රිම බුද්ධි සතිය' වැඩසහටහනට සමගාමීව පැවති ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණයට සමගාවීව ඊයේ (30) පැවති සම්මාන උළෙලේදී මෙම සම්මානය හිමිවිය.
Derana Macroentertainment හි Macro Labs විසින් නිර්මාණය කරන ලද තාක්ෂණික විසඳුම්, පුවත් නිර්මාණයේ සිට පාඨකයන් වෙත තොරතුරු ගෙන යාම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම AI පද්ධතියකි.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පුවත් සංක්ෂිප්ත කිරීම, AI හඬ මුසු පුවත් ගෙනහැර දැක්වීම, සජීවී පුවත් පෙළගැස්ම, story timelines සහ natural language search වැනි විශේෂාංග රැසක් මීට ඇතුළත්ය.
'Ada Derana'හි Content Management System (CMS) සෘජුවම සම්බන්ධ කර ඇති මෙම තාක්ෂණය, මාධ්‍යවේදීන්ගේ සහ කර්තෘ මණ්ඩලයේ මානව තීරණ ගැනීමේ හැකියාව ආරක්ෂා කරමින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කරයි.
මෙමඟින් තොරතුරුවල නිවැරදිභාවය, විශ්වාසනීයත්වය සහ වගවීම ඉහළ නංවමින්, වඩාත් වේගවත්, ප්‍රවේශ විය හැකි සහ කාලෝචිත පුවත් අත්දැකීමක් සිය පාඨකයන් වෙත තිළිණ කිරීමට AdaDerana.lk සමත්ව තිබේ.





















































