
එයාර්බස් ගනුදෙනු චෝදනාවලට අදාළ සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
ඒ මහතාගේ නිකවැරටියේ පිහිටි නිවසට නිලධාරීන් ගොස් එම ප්‍රකාශය ලබාගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.





















































