
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ගැටලු, ද්විපාර්ශ්වික කටයුතු සහ බහුපාර්ශ්වික සංසදවලදී සහයෝගීතාවය ලබා දීම පිළිබඳ සාකච්ඡා පවත්වත්වා තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ අංශයේ අතිරේක ලේකම් ආචාර්ය අක්විනෝ විමල් මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශිකා තිලානි සිල්වා මෙනවිය අතර කොළඹදී මෙම සාකච්ඡා පවත්වන ලදී.
2026 සැප්තැම්බර් ඊයේ (30) සහ පෙරේදා (29) යන දිනවල පැවති මෙම සාකච්ඡා පිළිබඳව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය 'X' පණිවිඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ.
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති, සෞඛ්‍ය යටිතල පහසුකම් සහ ව්‍යසන කළමනාකරණය සඳහා නිරන්තරයෙන් සහයෝගය ලබාදෙමින් සිටී.
එහි තවත් පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියට සහයෝගය දැක්වීමේ කැපවීම යළි තහවුරු කරමින් ඉන්දියාව විසින් ක්ෂය රෝගයට එරෙහි ඖෂධ ටොන් තුනකට ආසන්න ප්‍රමාණයක් කොළඹට එවා තිබේ. ඉන්දීය ගුවන් හමුදාවට අයත් C130J ගුවන් යානයකින් මෙම ඖෂධ තොගය කොළඹට එවා ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර 'X' පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.





















































