header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්
ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්
Mobitel 1278

දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයක ප්‍රමුඛ වගකීම බව අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

දරුවන්ගේ සිහින, අපේක්ෂා සහ නිර්මාණශීලීත්වය තුළ රටේ හෙට දවස තීරණය කරන බැවින් දරුවන් වෙනුවෙන් අප ගොඩනඟන රට යනු ඔවුන්ට හෙට දිනයේ භාරදීමට පමණක් සූදානම් කරන රටක් නොව, අද දවසේම ඔවුන්ගේ සිහිනවලට ඉඩ සලසන, ඔවුන්ගේ හඬට සවන්දෙන සහ ඔවුන්ගේ හැකියාවන්ට පූර්ණ අවකාශය සලසා දෙනු ලබන පරිසරයක් සහිත රටක් බවද ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ.

අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජ ආරක්ෂණය, නිසි පෝෂණය සහ සෞඛ්‍ය සේවා මෙන්ම, දරුවන්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන, හිංසන සහ වෙනස්කම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ශක්තිමත් කිරීම අපගේ වගකීමක් ලෙස සැලකිය යුතු බවද අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, කිසිදු දරුවෙකුගේ ජාතිය, ආගම, ආර්ථික තත්ත්වය හෝ භූගෝලීය පසුබිම අධ්‍යාපනයට බාධාවක් නොවිය යුතු බවද සඳහන් කරයි.

සෑම දරුවෙකුටම තම හැකියාවන් පුබුදුවා ගනිමින්, තම සිහින හඹා යමින්, තමන් කැමති අනාගතයක් නිර්මාණය කර ගැනීමට සමාන අවස්ථා හිමි විය යුතු බවත් ඒ වෙනුවෙන් මෙරට අධ්‍යාපනය නව පරිවර්තනයකට ලක්කරමින් දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන මෙන්ම  නව ලෝකයට ගැලපෙන කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් ආරම්භ කර ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

අප ගොඩනඟන නව ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකු අත්නොහැර, සෑම දරුවෙකුටම සුරක්ෂිත පරිසරයක තම හැකියාවන් උපරිමයෙන් වර්ධනය කරගැනීමට අවස්ථා සලසා දීම රජයේ අරමුණ බවද සඳහන් කර ඇති ජනාධිපතිවරයා, අධ්‍යාපන ශිෂ්‍යත්ව පුළුල් කිරීමේ සිට, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන සහ රැකවරණය අවශ්‍ය දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම දක්වා ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්වල මූලික අරමුණ වන්නේ රටේ සෑම දරුවෙකුටම අභිමානවත් සහ සුරක්ෂිත හෙට දවසක් උරුම කර දෙන බවද අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

තමන් අත්විඳි ජීවිතයට වඩා හොඳ ජීවිතයක් තම දරුවන්ට උරුම කර දීම සෑම දෙමාපියෙකුගේම අපේක්ෂාව වන අතර, අස්ථාවර ආර්ථිකයක සෙවණැලිවලින් තොර, සුරක්ෂිත සහ සුන්දර ළමා වියක් දරුවන්ට උරුම කර දීම සඳහා රජය මේ වන විට රටේ ආර්ථිකය නිවැරදි හා ස්ථාවර දිශානතියකට මෙහෙයවමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

එසේම විෂ මත්ද්‍රව්‍ය රකුසාගෙන් දරු පරපුර මුදා ගැනීමට සියලුදෙනා එක් කර ගනිමින් “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා ඇති බවද සඳහන් කරන ජනාධිපතිවරයා, දරුවන් වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමේ අත්හළ නොහැකි වගකීම ඉටුකරමින් සිටින බවද සඳහන් කරයි.

එවන් මොහොතක, “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව පෙරදැරි කර ගනිමින්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික ළමා දින සතියක් ප්‍රකාශයට පත්කරමින්, දරු පරපුරේ අයිතිවාසිකම්, ආරක්ෂාව, අධ්‍යාපනය සහ  අනාගත අපේක්ෂා ශක්තිමත් කිරීම අරමුණු කරගත් අර්ථවත් වැඩසටහන් රැසක් සමඟ මෙවර ලෝක ළමා දින සැමරුම සංවිධානය කිරීම ද ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයෙන් ඇගයීමට ලක්කර තිබේ.

රටේ සියලු දූ පුතුන්ට සතුට, සෙනෙහස සහ බලාපොරොත්තුවෙන් පිරි සුබ ලෝක ළමා දිනයක් වේවා'යි හෘදයාංගම සුබපැතුම් එක් කරන බවද අදාළ නිවේදනයේ සඳහන්ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ