header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
"මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවාගත හැක්කේ නීතියට වඩා දෙමාපිය - දූදරු ශක්තිමත් සබඳතාව මත" - ජනපති
"මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවාගත හැක්කේ නීතියට වඩා දෙමාපිය - දූදරු ශක්තිමත් සබඳතාව මත" - ජනපති
Mobitel 1278

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා දෙමාපිය - දූදරු ශක්තිමත් සබඳතාව මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා පිහිටුවන ලද 'රටම එකට' ජාතික මෙහෙයුම් සභාව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මේ බව පවසා ඇත.

මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, මෙම ව්‍යසනයේ බරපතළකම සහ දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳ දෙමාපියන් සෘජුව දැනුවත් කරමින්, දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් සක්‍රීයව දායක කර ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසය.

තම දරුවා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳ දැනුවත් කිරීමට දෙමාපියන්ට විශ්වසනීය පුද්ගලයෙකුගේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එවැනි අවස්ථාවලදී  සාමාන්‍යයෙන් ගුරුවරයෙකුගේ හෝ ආගමික නායකයෙකුගේ සහාය ලබාගැනීම සිදුවන බව පෙන්වා දුන්නේය.

එබැවින් ඒ පිළිබඳ අවධානය යොමුකර විශ්වසනීය මගපෙන්වීමක් ලබාදිය හැකි ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්, ගුරුවරුන් ඒ සඳහා යොදාගන්නේ නම් විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ බෙදාහැරීමේ ජාලය බිඳදැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් පුළුල් කරමින් එහි කටයුතු කාර්යක්ෂම කිරීම හේතුවෙන් දෛනිකව ලබා ගන්නා රස පරීක්ෂක වාර්තා ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවත්, සැප්තැම්බර් මාසය තුළ පමණක් මත්ද්‍රව්‍යවලට අදාළ රස පරීක්ෂක වාර්තා 8,000ක් අවසන් කර ඇති බවත්, නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සක්‍රිය කර තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි.

රස පරීක්ෂක වාර්තා ලබාගැනීම කාර්යක්ෂම වීම හේතුවෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව බන්ධනාගාරගතව සිටින පිරිසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇපමත මුදා හරිමින් බන්ධනාගාර තදබදය අවම කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මත්ද්‍රව්‍ය පාලන නව පනත ඔක්තෝබර් පළමු සතියේදී කමිටුවට යොමු කර අනුමැතිය ලබාගෙන, ඔක්තෝබර් මාසයේ 03 වන සතිය වනවිට පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

පොලීසිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එකිනෙකට සම්බන්ධ කෙරෙන මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් සහ මෘදුකාංගයක් නිර්මාණය කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර එහි පවතින ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

2025 අංක 07 දරන පනත ප්‍රකාරව, විශේෂඥයන්ගේ සහ රජයේ රස පරීක්ෂක වාර්තා අධිකරණ වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ සෘජුව යොමු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම නීති කෙටුම්පත් කාර්යාලයේ නිලධාරී පුරප්පාඩු පිරවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම වෙනුවෙන් ජාත්‍යන්තර පාසල් තුළ ක්‍රියාත්මක වැඩසටහන් සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳවද විමසා බැලිණි.

මත්ද්‍රව්‍ය භාවිතයේ භයානක ප්‍රතිවිපාක පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ තරුණ පරපුර ඉලක්ක කර ගත් වැඩසටහන් සකස් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම යුද්ධයෙන් පසු උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය අභියෝගය සහ එය මැඩපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් සහ අදාළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා හඳුන්වා දුන් '1818' දුරකථන අංකය සක්‍රීයව පවත්වාගෙන යාම සහ ජනතාව තුළ විශ්වාසය තහවුරු වන පරිදි එම අංකයට ලැබුණු තොරතුරු සඳහා දැක්වූ ප්‍රතිචාර පිළිබඳ ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ධාරිතාව ඉහල නැංවීම ඇතුළු පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විමසා බැලීය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි, අතිපූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද යන ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද, නිශාන්ත ප්‍රනාන්දු පියතුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා, මුත්තුසාමී අලගේසන් කුරුක්කල්තුමා, ෂෙයික් මොහොමඩ් අර්කම් නූරාමිත් මවුලවිතුමා ඇතුළු පූජක ප්‍රසාදීන් වහන්සේලාද මෙම අවස්ථාවට එක්වූහ.

එමෙන්ම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් සහා 'රටම එකට' ජාතික මෙහෙයුම් සභාවේ සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

තවත් ඡායාරූප
more-image-0
more-image-1
more-image-2
more-image-3
more-image-4
more-image-5
more-image-6
more-image-7
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ