
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වන "රටම එකට" ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය මේ වන විට "රටම එකට" ප්‍රධාන කාර්යාලය හා මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථානගතව පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව දැනුම් දී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.
දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදා හැරීම් හෝ ඒ ආශ්‍රිත ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීම සඳහා මෙම අංකය හඳුන්වා දී ඇත.
රටේ ඕනෑම පුද්ගලයකුට මෙහිදී තොරතුරු ලබා දිය හැකි අතරම, තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම සහ ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක වේ.
ජනාධිපති කාර්යාලයේ සහ "රටම එකට" ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ සම්බන්ධීකරණය කෙරෙන මෙම සේවාව ඔස්සේ, ඕනෑම මොහොතක ඉතා සුරක්ෂිතව මහජනතාවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දීමට හැකියාව පවතී.





















































