
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය කෙරෙහි චීන රජය දක්වන දැඩි අවධානය හමුවේ, එරට පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයේ කොටස් වෙළඳපොළ අගයන් වසර දහයකින් පහළම මට්ටම දක්වා ඇදවැටී ඇතැයි වාර්තා වෙයි.
මෙය සීඝ්‍රයෙන් වර්ධනය වන එරට ඉහළ පෙළේ තාක්ෂණික ක්ෂේත්‍රයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගතවූ මාස 6 ඇතුළත 'MSCI China' පාරිභෝගික භාණ්ඩ උප-දර්ශකය සියයට 18 කින් පමණ පහත වැටී ඇති අතර, එය වසර 10 කට ආසන්න කාලයකින් වාර්තා වූ අවම අගය බව පැවසෙයි.
නමුත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මත පදනම් වූ තාක්ෂණික දර්ශකය 2016 වසරේ පැවැති අගයට වඩා දෙගුණයකටත් වඩා වැඩි වර්ධනයක් අත්කරගෙන ඇත.
මෑතකදී නිකුත් වූ වාර්තාවලට අනුව, MSCI දර්ශකයේ සඳහන් පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම්වල ලාභ අපේක්ෂා කළ මට්ටමට වඩා සියයට 50 කින් පමණ පහත වැටී තිබේ.
කොවිඩ් - 19 වසංගතයට පෙර පැවැති සමයේදී චීනයේ මධ්‍යම පන්තියේ නැගී සිටීම ලොව විශාලතම ආර්ථික සාර්ථකත්වයක් ලෙස ඇගයීමටද ලක්වුණි.





















































