header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
දිලිත් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
දිලිත් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
Mobitel 1278

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නිගමනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (30) නියෝග කළේය.

කෙසේ වෙතත් මෙම නියෝගය තුළින් අධිකරණයට අපහාස නොකළ බවට ප්‍රධාන නඩුව සඳහා වන පෙත්සම්කරුගේ ස්ථාවරයට අගතියක් සිදුනොවන බවද විනිසුරු මඩුල්ල සිය නියෝගය තුළ සඳහන් කර සිටියහ.

ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.  

නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සඳහන් කළේ, "මහෙස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයට යොමුකර තිබෙන නිගමනය අවසානාත්මක නිගමනයක් නොවේ. මහෙස්ත්‍රාත්වරයාගේ එම නිගමනය පිළිබඳව අභියාචනාධිකරණය කරුණු විමර්ශනයක් සිදුකනු ලබයි. එහිදී බැලූ බැල්මටම නඩු නිමිත්තක් පවතින බවට කරුණු තහවුරු වුවහොත් පමණක් වගඋත්තරකාර පාර්ශ්වයට සිතාසි  නිකුත් කිරීම සිදුවේ. ඒ අනුව 2024 අංක 08 දරණ අධිකරණ ආයතනවලට අපහාස කිරිම පිළිබඳ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මහෙස්ත්‍රාත්වරයාට මෙවැනි නිගමනයක් යොමු කිරීමට හැකියාවක් පවතී."

ඒ අනුව පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ පෙත්සම තුළ බැලූ බැල් බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළහ.

කෙසේ වෙතත් මෙම නියෝගය තුළින් අධිකරණයට අපහාස නොකළ බවට ප්‍රධාන නඩුව සඳහා වන පෙත්සම්කරුගේ ස්ථාවරයට අගතියක් සිදුනොවන බවද විනිසුරු මඩුල්ල කියා සිටියහ.

මේ අතර අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ද අද ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංග නවරත්න, මහින්ද පතිරණ, සුගීශ්වර බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්රි, මනෝහර ද සිල්වා , වී.කේ. චොක්සි යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිතාසි නිකුත් කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල තුළ බැලූ බැල්මටම නඩු නිමිත්තක් නොමැති බව අවධාරණය කළේය.

එබැවින් මහෙස්ත්‍රාත්වරයාගේ නිගමනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර සිය සේවාදායකයින්ගේ කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසත් එම ජනාධිපති නීතිඥවරු ආධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ තමන් මෙම නඩුකරයේදී අධිකරණයට සහාය වෙමින් කටයුතු කරන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුකරයට පාදක වන සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සියල්ල මීළඟ නඩු දිනයට පෙර අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ඔක්තෝබර් මස 07 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කළේය. 

RelatedNews
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ