
රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරු රත්මලාන, ජයමාවත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු ඕමානයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර, එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද රාත්‍රී 7.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 994ක ප්‍රමාණය පාර්සල් 10ක් ලෙස සකස් කර, සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ තිබූ බිස්කට් සහ චොකලට් ඇසුරුම් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරක් මත සැකකරු ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
සැකකරු හෙට (30) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.





















































