header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ට සාධාරණ බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි - GMOA
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ට සාධාරණ බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි - GMOA
Mobitel 1278

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් සඳහා සාධාරණ සහ යුක්තිසහගත බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය සඳහන් කරනුයේ සමස්ත රාජ්‍ය බදු ආදායමට අහිතකර බලපෑමක් නොවන ආකාරයෙන්, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ට සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යාත්මක හා විශ්ලේෂණාත්මක යෝජනා කිහිපයක් මෙවර අයවැය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට තම සංගමය කටයුතු කර ඇති බවය.

රටේ අතිශය දුෂ්කර කාලසීමාවන්හිදී රට වෙනුවෙන් සිය වගකීම සහ යුතුකම ඉටු කළ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ට බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කඩිනම් සහනයක් මෙන්ම සාධාරණත්වයක් හිමිවිය යුතු බව එම සංගමයේ අදහස වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පසුගිය වසරේදී රජය රුපියල් බිලියන 5,400කට අධික බදු ආදායමක් උපයා ඇති බවත් එය මෙරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම බදු ආදායම ලෙසත්ය.

එමෙන්ම උපයන විට බදු ගෙවීමේ ක්‍රමවේදයේ යම් සංශෝධන සහ සහන ලබාදී තිබියදීත්, 2025 වසරේදී උපයන විට ගෙවීම් බදු ආදායම අපේක්ෂිත ප්‍රමාණයට වඩා සියයට 30කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ වත්මන් බදු ක්‍රමය යටතේ තම වැටුපෙන් සියයට 36කට ආසන්න ප්‍රමාණයක් සෘජු බදු ලෙස ගෙවීමට සිදුවන බවත්, ඊට අමතරව වක්‍ර බදු ලෙසද විශාල ප්‍රමාණයක් ගෙවීමට සිදුවීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින බවත්ය.

මේ තත්ත්වය හමුවේ මෙරට සතු වටිනා මානව සම්පත සහ දැනුම රට තුළ රඳවා ගැනීම සඳහා තිරසාර හා උපායමාර්ගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවද එම සංගමය අවධාරණය කර තිබේ.

ඔවුන් පවසනුයේ එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වුවහොත්, ඉදිරියේදී රටේ වටිනා වෘත්තීය මානව සම්පත අහිමි වී ශ්‍රී ලංකාව දැනුම් කාන්තාරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවය.

ඒ අනුව, රටේ බදු ආදායම ආරක්ෂා කරගනිමින්ම වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් සඳහා සාධාරණ බදු පරිසරයක් නිර්මාණය කිරීම කඩිනමින් අවශ්‍ය බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

Lassana Flora
Spotlight
ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ