header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
 පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Mobitel 1278

පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහනේ අරමුණ වී ඇත්තේ මහජනතාවට වඩාත් කඩිනම්, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය සේවාවක් සහතික කිරීම වේ.

එහිදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් දැනට සංවර්ධනය කරමින් පවතින “පළාත් පාලන ආයතන ඩිජිටල්කරණ ජාතික රාමුව” පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

පළාත් පාලන ආයතනයකින් පුරවැසියන්ට ඉටු විය යුතු සමස්ත කාර්යභාරය හඳුනාගෙන, ඉන් ඩිජිටල් පද්ධතියට ඇතුළත් කළ හැකි සහ ඇතුළත් කළ නොහැකි සේවාවන් මොනවාදැයි වෙන්කර හඳුනා ගන්නා ලෙසත්, දැනට පවතින පද්ධතිවලින් එම සියලු සේවාවන් ආවරණය වන්නේදැයි පරීක්ෂා කර බලන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

විවිධ ආයතන මගින් වෙන් වෙන්ව ක්‍රියාත්මක කරන වෙනස් පද්ධති වෙනුවට සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයත්, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයත් මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, දැනට ක්‍රියාත්මක වන පද්ධතිවල පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවාට අවශ්‍ය සංශෝධන සහ වැඩිදියුණු කිරීම් සිදු කරමින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීමේ කටයුතු කාර්යක්ෂමව සම්බන්ධීකරණය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් තිදෙනෙකු යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

පළාත් පාලන ආයතන මගින් මහජනතාවට සපයනු ලබන වරිපනම් ගෙවීම්, මිශ්‍ර ආදායම් (ප්‍රදර්ශන පුවරු ගාස්තු, ක්‍රීඩාංගණ සහ මහජන ශාලා වෙන්කිරීම්), කඩකුලී, ජල බිල්පත් ගෙවීම්, සහ විවිධ අවසර පත්‍ර/බලපත්‍ර ලබා ගැනීම ඇතුළු සේවා මෙන්ම මහජන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් සකස් කර ඇති ඩිජිටල් ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

විශේෂයෙන් GovPay වැනි පද්ධති මේ තුළින් තවදුරටත් සංවර්ධනය කරගත හැකි ආකාරය පිළිබඳවද සාකච්ඡා විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සැපයෙන සේවා 300කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, ග්‍රාම නිලධාරී මට්ටමේ සිට ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටම දක්වා සේවාවන් ජාලගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි.

දැනට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර වී මිලදී ගැනීම සහ දිට්වා ආපදා සහන සැලසීම ආදී කටයුතුවලට අදාළ සාර්ථකත්වය සහ අත්දැකීම් පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණ වැඩසටහන යටතේ පළමුව තෝරාගත් එක් දිස්ත්‍රික්කයක් පාදක කරගනිමින් මොඩියුලයක් ලෙස සියලු පහසුකම් සහිතව මෙම ඩිජිටල්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එසේම, රාජ්‍ය නිලධාරීන් පත්වීම් ලැබූ දින සිට විශ්‍රාම යාම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක "GovHR"  ඩිජිටල් පද්ධතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු, අදාළ රේඛීය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

Lassana Flora
Spotlight
ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ