
නේපාලයට අයත් හිමාල කඳු වැටියේ හිම තට්ටුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් අතුරුදන්ව සිටි පුද්ගලයින් සිව්දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ.
ඊයේ (28) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් කඳු නගින්නන් 12 දෙනෙකු පමණ අතුරුදන්ව තිබුණි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද වී ඇති අතර ඒ සඳහා හෙලිකොප්ටර් යානා ද යොදවා ඇති බව වාර්තා වේ.
අතුරුදන් වූ අනෙක් පුද්ගලයින් 8 දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.





















































