
ඉරානය විසින් ඉදිරිපත් කරන ලද සාම යෝජනාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බොරතෙල් මිල යලිත් ඉහළ ගොස් තිබේ.
පවතින ගැටුම්කාරී තත්ත්වය විසඳාගනිමින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද සාම යෝජනාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම තීරණයත් සමඟ ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල ආසන්න වශයෙන් 4%කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108.50 දක්වා වැඩි වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ගැටුම විසඳා හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ සාම යෝජනාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, බ්‍රෙන්ට් බොර තෙල් මිල බැරලයකට අමෙරිකානු ඩොලර් 108.50ක් දක්වා ආසන්න වශයෙන් 4%කින් ඉහළ ගොස් තිබේ.





















































