
චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය එකිනෙකාගෙන් ආනයනය කරනු ලබන අ.ඩො. බිලියන 60ක් වටිනා භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන බදු අඩු කිරීමට දෙරටම එකඟ වී තිබේ.
මෙම අලුත් එකඟතාව යටතේ අමෙරිකානු ඉරිඟු ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන, ආලේපන (Cosmetics),චීන ගෘහ විදුලි උපකරණ සහ සෙල්ලම් බඩු වැනි භාණ්ඩ වර්ග රාශියක් සඳහා බදු සහන හිමිවේ.
අමෙරිකා - චීන වෙළඳ මණ්ඩලයේ නිර්දේශ මත සංවේදී නොවන භාණ්ඩ (Non-sensitive goods) කාණ්ඩය යටතේ දෙරටම ඩොලර් බිලියන 30 බැගින් වන වෙළඳ ද්‍රව්‍ය සඳහා මෙලෙස වාසිදායක ලෙස බදු ලිහිල් කිරීමට තීරණය කළ බව අමෙරිකානු වෙළඳ නියෝජිත ජැමීසන් ග්‍රියර් (Jamieson Greer) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
දෙරට අතර පවතින වෙළඳ සබඳතා ලිහිල් කිරීමේ සහ ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.





















































