
එක්සත් රාජධානියේ RAF Fairford ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි 'වෙල්ෆෝර්ඩ්' (Whelford) ගම්මානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, එහි පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
පුපුරණ ද්‍රව්‍ය පනත (Explosives Act) යටතේ සිදුකළ වරදවල් සම්බන්ධයෙන් සැකපිට පිරිමි පුද්ගලයින් කිහිපදෙනෙකු අද (27) අලුයට අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය පවසයි.
පූර්වාරක්ෂක පියවරක් ලෙස ප්‍රදේශයේ නිවාස කිහිපයක පදිංචිකරුවන් ඉවත් කර ආසන්න ක්‍රීඩා මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇත.
දැනට එම ප්‍රදේශය වටකර ආරක්ෂිත කලාපයක් යොදා ඇති අතර සිදුවීම පාලනය කර ඇති බව පොලීසිය තහවුරු කරයි.
බ්‍රිතාන්‍ය යුද හමුදාවේ විශේෂිත පුපුරණ ද්‍රව්‍ය අක්‍රිය කිරීමේ බලකාය විසින් ප්‍රදේශයේ තිබූ වාහන කිහිපයක් පරික්ෂාවට ලක්කරමින් සිටියි.
එමෙන්ම හදිසි අනතුරු ප්‍රතිචාර දැක්වීමේ විශේෂ කණ්ඩායම් ඇතුළු හදිසි සේවාවන් රැසක් ස්ථානගත කර ඇත.





















































