
දකුණු අප්‍රිකාවේ සිදුවු සමූහ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබේ.
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ මත්පැන් අවන්හලක සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව එරට පොලීසිය සදහන් කර ඇත.
වෙඩි තැබීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන් වෙයි.
වෙඩි තැබීම සිදුකිරීමට මෝටර් රථ දෙකකින් පැමිණි වෙඩික්කරුවන් 08 දෙනෙකු පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එමෙන්ම කේප්ටවුන් නගරයේ ද රාත්‍රී සමාජ ශාලාවකට එල්ල වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.





















































