
කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තයේ මොන්ට්‍රියල් නගරය ආසන්නයේ දී සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෞද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එය කඩා වැටීමත් සමග ගිනිගෙන විනාශ වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.
එහි සිටි පුද්ගලයින් සිව්දෙනාම අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් සිට ඇති බවද සඳහන්.
මියගිය පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳ නිල තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අනතුර සිදුවීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.





















































