header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
2026 ලොව ප්‍රමුඛතම නගර 10 ප්‍රකාශයට
2026 ලොව ප්‍රමුඛතම නගර 10 ප්‍රකාශයට
Mobitel 1278

Oxford Economics ආයතනය විසින් නිකුත් කරන ලද Global Cities Index 2026 නමැති වාර්තාව පදනම් කරගෙන, BBC Travel වෙබ් අඩවිය විසින් ලොව පුරා පිහිටි ප්‍රමුඛතම නගර පිළිබඳව විශේෂ විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.

ලොව පුරා නගර 1,000ක් ආර්ථිකය, මානව ප්‍රාග්ධනය, ජීවන තත්ත්වය, පරිසරය සහ පාලනය යන ප්‍රධාන අංශ 5 ඔස්සේ අධ්‍යයනය කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ.

එම වාර්තාවට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය 2026 වසරේ ලොව හොඳම නගරය ලෙස අංක එක ස්ථානයට පත්ව ඇති අතර, එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය දෙවන ස්ථානයටත්, ප්‍රංශයේ පැරිස් නගරය තෙවන ස්ථානයටත් පත්ව ඇත.

2026 ලොව හොඳම නගර 10

  1. නිව්යෝක් (ඇමෙරිකා එක්සත් ජනපදය)
  2. ලන්ඩන් (එක්සත් රාජධානිය)
  3. පැරිස් (ප්‍රංශය)
  4. සියැටල් (ඇමෙරිකා එක්සත් ජනපදය)
  5. සැන් ෆ්රැන්සිස්කෝ (ඇමෙරිකා එක්සත් ජනපදය)
  6. ඩබ්ලින් (අයර්ලන්තය)
  7. බොස්ටන් (ඇමෙරිකා එක්සත් ජනපදය)
  8. සැන් හොසේ (ඇමෙරිකා එක්සත් ජනපදය)
  9. ටෝකියෝ (ජපානය)
  10. ශූරිච් (ස්විට්සර්ලන්තය)

මෙම නගර අන් නගරවලින් වෙනස් වී ඉදිරියට පැමිණීමට ප්‍රධාන හේතු 4කි.

1. ලොව පුරා වෘත්තිකයන් සහ කුසලතා ආකර්ෂණය කරගැනීම -
ලොව ප්‍රමුඛතම නගරවල ප්‍රධානතම ලක්ෂණය වන්නේ විවිධ ක්ෂේත්‍රවල ඉහළ කුසලතා, අධ්‍යාපනය සහ දැනුම සහිත ජනගහනයක් ජීවත් වීමයි.

ලන්ඩන් (එක්සත් රාජධානිය): මානව ප්‍රාග්ධනය අතින් ලොව ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ ලන්ඩන් නගරයයි. එහි ජනගහනයෙන් 40%ක් පමණ විදේශයන්හි උපන් අය වන අතර, මෙම සංස්කෘතික විවිධත්වය හේතුවෙන් නගරයේ ආහාර, සංස්කෘතිය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය විශාල ලෙස පෝෂණය වී ඇත.

බොස්ටන් (ඇමෙරිකාව): ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල රැසක් පිහිටා තිබීම නිසා ඉහළ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සහිත නගරයක් ලෙස 7 වන ස්ථානයට පත්ව ඇත. එහි උපයන ධනයෙන් කොටසක් උද්‍යාන සහ කලාගාර වැනි පොදු ස්ථාන සංවර්ධනයට යොදවයි.

ඩබ්ලින් (අයර්ලන්තය): Google, Meta, Microsoft සහ Accenture වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම්වල මූලස්ථාන ආකර්ෂණය කරගනිමින්, දක්ෂ තරුණ පරපුරක් හරහා නගරයේ නාගරික ප්‍රදේශ වේගයෙන් නවීකරණය කිරීමට සමත්ව ඇත.

2. කලා සහ සංස්කෘතික ක්ෂේත්‍ර සඳහා විශාල ලෙස ආයෝජනය කිරීම 
නගරයක ආර්ථික ශක්තිය පමණක් ජීවත්වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය නොකරන අතර සංස්කෘතික නංවාලීමද අත්‍යවශ්‍ය වේ.

පැරිස් (ප්‍රංශය): උසස් ජීවන තත්ත්වය සහ කලාපීය සංස්කෘතියට ඇති ප්‍රවේශය අතින් පැරිසිය ඉදිරියෙන්ම සිටී. නගරය පුරා කෞතුකාගාර 130ක් පමණ පිහිටා ඇති අතර, ඉන් නගර සභාව සතු කෞතුකාගාර 11කට ඕනෑම රටක වැසියෙකුට නොමිලේ ඇතුළු වීමේ පහසුකම් සලසා ඇත.

සියැටල් (ඇමෙරිකාව): Nirvana සහ Pearl Jam වැනි සුප්‍රකට රොක් සංගීත කණ්ඩායම් බිහිවූ මෙම නගරය, කලාත්මක උරුමය සහ මෑතකදී ඉදිකරන ලද අක්කර 20ක දැවැන්ත Waterfront Park වැනි හරිත පරිසරයන් නිසා ජීවන තත්ත්වය අතින් ඉහළින්ම පසුවේ.

3. පිරිසිදු සහ පහසු නාගරික පරිසරයක් පවත්වාගෙන යාම 
වායු දූෂණය අවම කිරීම සහ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම කිරීම මගින් ජනතාවගේ දෛනික ජීවිතය පහසු කිරීමට මෙම නගර පියවර ගෙන ඇත.

ලන්ඩන්: දැවැන්ත නගරයක් වුවද, අධික රථවාහන තදබදය පාලනය කිරීමට ක්‍රියාත්මක කළ Congestion Charge සහ Ultra-Low Emission Zone (ULEZ) වැනි නීති නිසා වායු දූෂණය සහ රථවාහන තදබදය විශාල ලෙස අවම කර ඇත.

සැන් ෆ්රැන්සිස්කෝ සහ ඩබ්ලින්: විශිෂ්ට පොදු ප්‍රවාහන පද්ධතිය නිසා පෞද්ගලික රථවාහන භාවිතය අඩුවී ඇත. එමෙන්ම 2030 වන විට සම්පූර්ණයෙන්ම Climate Neutral නගරයක් බවට පත්වීමට ඩබ්ලින් නගරය සැලසුම් කර ඇත.

4. තාක්ෂණය සහ යටිතල පහසුකම්වල නවෝත්පාදන
තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ නවීන මූල්‍ය යටිතල පහසුකම් අතින් නිව්යෝක් සහ සැන් හොසේ වැනි නගර ලෝකයේ පෙරමුණේ පසුවීම ඒවා ලොව බලවත්ම නගර බවට පත්වීමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත.

Oxford Economics වාර්තාවට අනුව, 2026 වසරේදී සාර්ථකම නගර බවට පත්ව ඇත්තේ ආර්ථික ශක්තිය මෙන්ම, ජනතාවගේ සෞඛ්‍යය, සංස්කෘතිය, පිරිසිදු වාතය සහ විවිධත්වයට ගරු කරන පරිසරයක් නිර්මාණය කිරීමට සමත් වූ නගරයන්ය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?