
ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ග්‍යානේෂ් කුමාර් ධුරයෙන් ඉවත් කරන ලෙස රජයට බලකරමින් ආරම්භ කළ විරෝධතාව මේ වනවිට එරට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.
ඡන්දදායක ලේඛන යාවත්කාලීන කිරීමේදී ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා, අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට වාසිදායක අයුරින් කටයුතුකළ බවට චෝදනා කරමින් කොංග්‍රසය, ඩී.එම්.කේ පක්ෂය ඇතුළු විපක්ෂ නායකයන් මෙම විරෝධතා සංවිධාන කර ඇත.
දිල්ලිය, චන්දිගර් සහ පට්නා, ගුවහාටි, ලක්නව්, ජම්මු-කාශ්මීර් ඇතුළු ප්‍රදේශ රැසකදී මේ වනවිට විරෝධතා පැවැත්වෙන අතර, ඒවා විසුරුවා හැරීමට එරට පොලිසියට ජල ප්‍රහාර භාවිත කිරීමටද සිදුව තිබේ.
ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා අස්නොවුණහොත්, ඔක්තෝබර් 2වැනිදා රටපුරා දැවැන්ත විරෝධතා දියත් කරන බවට ඉන්දීය කැරපොතු ව්‍යාපාරය සහ විපක්ෂය මේ වනවිට තර්ජනය කර ඇත.





















































