
කොංගෝ රාජ්‍යයේ සිදුවූ ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හමුදාව පවසයි.
කොංගෝ හමුදා අධිකරණ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටාලයි ටියෙන්ඩේ සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානී ජෙනරාල් ලුතිනන් ජෙනරාල් බකුමි ලිකුලියා යන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනා ද මියගිය අතර අතර සිටී.
නිරිතදිග කික්විට් නගරයේ සිට අගනුවර වන කින්ෂාසා දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානය, කාර්මික දෝෂයකට ලක්ව කෙන්ගෙ ප්‍රදේශයට කඩා වැටී ඇත.
අනතුරට හේතුව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ. කෙසේ වෙතත් අනතුරට හේතුව සෙවීම සඳහා දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
පසුගිය වසරේ සිට නැගෙනහිර කලාපයේ රුවන්ඩා සහාය ලබන M23 කැරලි කණ්ඩායම ඇතුළු සන්නද්ධ කණ්ඩායම් කිහිපයක්, ප්‍රධාන නගර කිහිපයක බලය අල්ලා ගැනීමත් සමග කොංගෝ හමුදාව එම කණ්ඩායම්වලට එරෙහිව මේ වනවිට දැඩි සටනක නිරතව සිටී.





















































