
මාලදිවයින සඳහා ඉන්දීය රුපියල් බිලියන 48.50ක (අමෙරිකානු ඩොලර් මිලියන 506.58) ණය සහනයක් ඉන්දීය මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබේ.
2026 අගෝස්තු 27 වන දින සිට එය බලපැවැත්වෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම ණය පහසුකම අවම වශයෙන් ඉන්දීය රුපියල් බිලියන 5 බැගින් වූ තනි ණය ගිවිසුම් මගින් ලබාදෙන බවද ඉන්දීය මහ බැංකුව සඳහන් කර ඇත.
එම ගිවිසුමට අනුව, මෙම මූල්‍ය පහසුකම යටතේ අරමුදල් සපයනු ලබන භාණ්ඩ සහ සේවාවල වටිනාකමෙන් අවම වශයෙන් 75%ක් ඉන්දියානු සැපයුම්කරුවන්ගෙන් ලබා ගත යුතු අතර, ඉතිරි 25% ඉන්දියාවෙන් පිටත වෙනත් පාර්ශ්වයන්ගෙන් ලබා ගැනීමට අවසර හිමිවෙයි.
අපනයන සඳහා නියෝජිත කොමිස් මුදල් ගෙවීමට මෙම ණය පහසුකම භාවිත කළ නොහැකි අතර එවැනි ගෙවීම් සඳහා අපනයනකරුවන්ට ඔවුන්ගේම අරමුදල් භාවිත කළ හැකි බව වැඩිදුරටත් පැවසීය.
මාලදිවයිනේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා මුල්‍ය පහසුකම් සැලසීම සඳහා ඉන්දියාව 2025 ජූලි මාසයේදී එකඟ වී තිබුණි.



















































