
නවසීලන්ත බුද්ධි තොරතුරු අංශයට අයත් ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්ෂික සයිබර් තර්ජන වාර්තාවට අනුව, නවසීලන්තයේ සංවේදී තොරතුරු අවදානමට ලක් කරමින් විදේශීය රාජ්‍ය පාර්ශ්වයන් විසින් සිදුකරන ලද බවට සැකකෙරෙන සයිබර් ක්‍රියාකාරකම් රැසක් හඳුනාගෙන ඇත.
ඒ අනුව නවසීලන්තයට ඇති ප්‍රබලතම සයිබර් තර්ජනය එල්ල වන්නේ චීනයෙන් බව නවසීලන්ත සයිබර් ආරක්ෂණ ඒජන්සිය පවසයි.
රාජ්‍ය ආයතන මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් විදේශීය රටවල් සිදුකරන සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම සයිබර් ප්‍රහාර පිටුපස චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව යන රටවල රාජ්‍ය අනුග්‍රහය ලත් පාර්ශ්වයන් සිටින බවට එම වාර්තාව මගින් සම්බන්ධතා අනාවරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.
චීන සයිබර් ඔත්තු බැලීම් සම්බන්ධයෙන් බටහිර හිතවාදී බුද්ධි ඒජන්සියක් විසින් නිකුත් කරන ලද නවතම අනතුරු ඇඟවීම මෙය වන අතර, බීජිං පාලනය මෙම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.



















































