
අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද තත්ත්වය අවසන් කිරීම සඳහා අදියර කිහිපයකින් යුත් එකඟතාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක්හිදී සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමත්, අමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති ආර්ථික අවහිරතා ඉවත් කිරීමත් මෙම යෝජිත ක්‍රියාමාර්ගයේ ප්‍රධාන කරුණු බව සඳහන්ය.



















































