header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි
උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි
Mobitel 1278

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා දැනට පවතින සියයට 5ක උද්ධමන ඉලක්කය සහ වගවීමේ සීමාව තවදුරටත් පවත්වාගෙන යාම සුදුසු බව IMF කණ්ඩායම පෙන්වා දෙයි.

ගෝලීය තෙල් මිල ඉහළ යාමේ බලපෑම හේතුවෙන් අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය වාර්ෂික පදනමින් සියයට 8ක් දක්වා ඉහළ ගිය බවද IMF සඳහන් කරයි.

කෙසේ වෙතත්, උද්ධමන අපේක්ෂා පුළුල් වශයෙන් පාලනය වී ඇති බවද එම කණ්ඩායම පවසයි.

මධ්‍ය කාලීනව මිල ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා උද්ධමන පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමට මුදල් ප්‍රතිපත්තිය සූදානම්ව පැවතිය යුතු බවද IMF අවධාරණය කරයි.

ආහාර සහ බලශක්ති මිල ගණන්වල පවතින ඉහළ විචලනය හමුවේ සියයට 5ක වත්මන් උද්ධමන ඉලක්කය ශ්‍රී ලංකාවට අවශ්‍ය නම්‍යශීලීභාවය ලබාදෙන බවද IMF පවසයි.

අඩු සහ ස්ථාවර උද්ධමනයක් පවත්වාගෙන යාමේ වාර්තාවක් ගොඩනැගුණු පසු, ඉදිරි සමාලෝචනයකදී ඊට වඩා අඩු උද්ධමන ඉලක්කයක් වෙත ළඟාවීම සලකා බැලිය හැකි බවද එම අරමුදල සඳහන් කරයි.

මේ අතර, රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ඇතිවිය හැකි රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා පිරිවැය ප්‍රතිසාධනය මත පදනම් වූ බලශක්ති මිලකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද IMF අවධාරණය කර තිබේ.

රජයේ ආදායම් තිරසාරව ඉහළ නැංවීම සඳහා මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසද IMF පවසයි.

බදු පදනම පුළුල් කිරීම, බදු සහන හා බදු ගෙවීම් දිරිගැන්වීම් තාර්කික කිරීම සහ ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීම තුළින් බදු අනුකූලතාව වැඩිදියුණු කළ යුතු බවද එම අරමුදල පෙන්වා දෙයි.

මැදපෙරදිග යුද්ධයේ කාලසීමාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් අවාසිදායක අවදානම්වලට මුහුණ දෙන බවද IMF සඳහන් කරයි.

එවැනි අවදානම් හමුවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් රාජ්‍ය මූල්‍ය සහ බාහිර ආරක්ෂිත සංචිත යළි ගොඩනැගීම මෙන්ම මිල ස්ථාවරත්වය පවත්වාගෙන යාම වැදගත් බව IMF අවධාරණය කරයි.

IMF කණ්ඩායමක් සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරමින්, විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ 2026 වසරේ වාර්ෂික උපදේශනයට අදාළ ප්‍රතිපත්ති පිළිබඳව සමාලෝචනය කර තිබේ.

2026 වසරේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වය සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව වාර්තා වූ ශක්තිමත් ආර්ථික වර්ධනයේ 11 වන කාර්තුව බවද IMF පවසයි.

එමෙන්ම අගෝස්තු මස අවසානය වනවිට ශ්‍රී ලංකාවේ නිල දළ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බවද IMF සඳහන් කරයි.

එමෙන්ම දූෂණ විරෝධී නීතිමය රාමුවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක බවද IMF අවධාරණය කරයි.

මෑතකදී ඉදිරිපත් කර ඇති සංශෝධනවල ඇතැම් වගන්ති මගින් විනිවිදභාවය සහ වගවීම දුර්වල විය හැකි බවද එම අරමුදල පෙන්වා දෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ | Ada Derana