
විදේශ රටක සිට ගෙන්වන ලද කුෂ් හා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක්වැටලීම බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාස මඟින් සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගේ අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති බවය.
සැකකරුගෙන් ලද තොරතුරු අනුව පුද්ගලික කුරියර් සේවාවක් මඟින් මෙරටට ගෙන්වන ලද කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 599 ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 409 ක් සොයාගෙන තිබේ.
විමර්ශන නිලධාරීන් රේගු භාරයේ තිබියදී මෙම මත්ද්‍රවය තොගය සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේය.



















































