header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ඉදිරි දිනවලදීත් වර්ෂාවේ වැඩිවීමක් - ප්‍රා. ලේ. කොට්ඨාස 13කට නායයෑමේ රතු නිවේදන
ඉදිරි දිනවලදීත් වර්ෂාවේ වැඩිවීමක් - ප්‍රා. ලේ. කොට්ඨාස 13කට නායයෑමේ රතු නිවේදන
Mobitel 1278

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 1,616ක පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 41ක පවුල් 458ක් මෙලෙස බලපෑමට ලක්ව ඇති බවයි.

පසුගිය 18 වනදා සිට අද දිනය දක්වා  කාලය තුළ අයහපත් කාලගුණය හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් එක් අයෙකු අතරුදන්ව ඇති බව සඳහන් වෙයි.

ඊයේ රාත්‍රී ගම්පහ, බියගම ප්‍රදේශය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් ගලහිටියාව උතුර ග්‍රාම නිළධාරී වසමේ නිවාස 5කට හානි සිදුව ඇති අතර විදුලි රැහැන් පද්ධතියට ද හානි සිදුව ඇති බව සඳහන් වෙයි.

මේ වන විට ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල් 26කට අයත් පුද්ගලයින් 94 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 3ක රඳවා තිබේ.

මේ අතර, අද පෙරවරු 8. 30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ මිලිමීටර් 85යි දශම 6ක් වූ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොටවත්ත ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති අතර කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබේ.

මේ වන විට ගංගාවල පවතින ජල මට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා මෙලෙස පැහැදිලි කළේය. 

"ප්‍රධාන ගංගාවල් කිහිපයකම තවමත් ඉහළ අගයක හෝ සුළු ගංවතුර තත්ත්වයක පවතිනවා. විශේෂයෙන්ම නිල්වලා ගඟ පහල තල්ගහගොඩ සහ අකුරැස්සෙන් පහළ ප්‍රදේශවල ජල මට්ටම ක්‍රමයෙන් අඩු මෙවමින් පවතිනවා. ඒ් වගේම ගිං ගඟ බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ට්මක පවතිනවා. ප්‍රධාන වශයෙන්ම ගංවතුර තත්ත්වය මිල්ලකන්ද මඟුරු සහ පුටුපාවුල  ප්‍රදේශවල ජල මට්ටම ක්‍රමයෙන් වැඩි වීමක් සහ සුළු ගංවතුර තත්ත්වයන් පවතිනවා. නමුත් තවදුරටත් විශාල වැඩිවීමක් මේ දක්වා අපේක්ෂා කරන්නේ නැ.  ඒ් වගේම කැලණි ගගේ ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. ඒ් වගේම හහවැලි ගඟ ඉහළ ද්‍රෝණියේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට නෑ...”

මේ අතර දිස්ත්‍රික් 10ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇගවීම් නිවේදන තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා තිබේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයින්ට ඉවත්වීමේ රතු නිවේදන ද නිකුත් කර ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි හේමසිංහ මහත්මිය පැවසීය.

“ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් ආවරණය වන පරිදි අදියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කරනු ලැබුවා. ඒ් අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍ර.ලේ. කොට්ඨාසයටත් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රා.ලේ. කොට්ඨාසයටත් මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලය ප්‍රා.ලේ. කොට්ඨාසයටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දැරිණියගල, අරණායක, යටියන්තොට සහ දෙහිඔවිට ප්‍ර.ලේ. කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නොවුඩ්, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ අඹගමුව යන ප්‍රා.ලේ. කොට්ඨාසයවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍ර.ලේ. කොට්ඨාසයටත් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කරලා තියෙනවා”

මේ අතර අද දිනයේ දිවා කාලයේ වැසි තත්ත්වයේ තරමක අඩු වීමක් අපේක්ෂා කළ ද සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙට සහ අනිද්දා යන දිනවලදී ද වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළේය.

මධ්‍යමසබරගමුවබස්නාහිරවයඔ පළාත් ඒ් වගේම ගාල්ලමාතර දිස්ත්‍රික්කවල අද දිනයේදීත් කඩින්කඩ වැසි අපේක්ෂා කිරිමේ හැකියාව තියෙනවා. දිවා කාලයේ තරමක වැසි අඩු තත්ත්වයක් පෙන්නුවත් රාත්‍රී කාලයේ සිට වැසි වැඩීවීමක් අපිට තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ් වගේම හෙට සහ අනිද්දා දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් නැවත වතාවක් අපේක්ෂා කිරීමේ හැකියාව දැනට පවතින දත්ත මත පදනම්ව පවතිනවා. මේ නිසා විශේෂයෙන් බස්නාහිර,  සබරගමුව ,මධ්‍යමවයඔපළාත්වලත් ඒ් වගේම ගාල්ලමාතර දිස්ත්‍රික්කවලත් ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්න විශේෂයෙන් ගංගා නිම්න ආශ්‍රිතව පහත්බිම්වල ජීවත්වන ජනතාව ඒ් වගේම නායයෑම් අනතුරු සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධයෙන් අවධායෙන් කටයුතු කරන්න”

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

Lassana Flora
Spotlight
බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්