
කොළඹ, කොම්පඤ්ඤවීදියේ රහසිගතව පවත්වාගෙන ගිය භූගත රාත්‍රී සමාජ ශාලාවක් වැටලීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී කාර්යාලයේ නිලධාරීන් සහ 'අද දෙරණ' උකුස්සා සමත්වුණි.
කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක් වූ කොම්පඤ්ඤවීදිය නගරයේ පිහිටි මුරුක්කු ඇතුළු ආහාර පාන අලෙවිකරන ස්ථානයක් බවට බැලූ බැල්මට පෙනෙන ස්ථානයක් මෙලෙස වටලා ඇත.
කෙසේවෙතත් මෙම ස්ථානයේ රහසිගත අයුරින් භූගත සමාජ ශාලාවක් පවත්වාගෙන යන බවට පසුගියදා තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී කාර්යාලයේ නිලධාරීන් ඒ පිළිබඳව සොයාබැලීමක් කළේ අද දෙරණ උකුස්සා ද එක්කරගනිමින්ය.
අනතුරුව උකුස්සා එම ස්ථානයට ළඟාවී අදාල අලෙවිසැලේ තිබූ මුරුක්කු වර්ග ඇතුළත් කුඩා රාක්කයක් ඉවත් කර තිබේ.
ඒ අනුව එම ස්ථානයට ඇතුළු වනවිට දැකගත හැකිවුණේ, කිසිවෙකුටත් බැලූ බැල්මට හඳුනාගත නොහැකි පරිද්දෙන් ඉතා රහසිගත ලෙස ඒ තුළ යම් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන බවයි.
අනතුරුව ඊට ඇතුළු වී සිදුකළ සොයාබැලීමේදී එහි කිසිඳු අවසරකයින් තොරව සමාජ ශාලාවක් පවත්වාගෙන යන බවට අනාවරණ වුණි.
ඒ අනුව මෙහි අලෙවිකිරීමට සූදානමින් තිබූ විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සුරාබදු නිලධාරින් සිය භාරයට ගත් අතර එම ස්ථානයට මත්පැන් අලෙවියට කිසිදු මත්පැන් බලපත්‍ර නොතිබූ බවත් මෙහිදී අනාවරණ වුණි.
බලපත්‍ර නොමැතිව නීතියේ ඇසට වැලිගසමින් සිදුකරන මෙවැනි ජාවාරම් ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙනි.



















































