
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද 'දූෂණ විරෝධී (සංශෝධන)' පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයද කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකිය.
එමෙන්ම ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ යුතුව ඇත.
කෙසේ නමුත් පනත් කෙටුම්පතේ 17 වන වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කොට, ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලැබිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ.



















































