
රුපියල් ලක්ෂ 40කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව අළුබෝමුල්ල පොලීසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වදුරම්මුල්ල සේසත මාවතේ පදිංචි පුද්ගලයෙකුය.
සැකකරු සේසත මාවතේ ගමන් කරමින් සිටියදී පොලිස් කණ්ඩායමක් විසන් පරීක්ෂා කිරීමෙන් පසු ඔහු සන්තකයේ තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 සොයාගෙන ඇති බව සඳහන් වෙයි.
මේ අතර සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අල්මාරියේ සඟවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රැම් 190ක් සොයාගෙන තිබේ.
සැකකරු මීට වසරකට පමණ පෙර නිවසේ නිදා සිටියදී පානදුර කුඩු නිලංගගේ පාර්ශවයෙන් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අයෙකු බවද පොලිසිය පවසයි.
ඔහු මීට පෙර 7 වරක් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බවත් වාර්තා වී තිබේ.
සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



















































