
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක පවුල් 458කට අයත් පුද්ගලයින් 1,616 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පසුගිය 18 වැනිදා සිට අද (22) උදෑසන 6.00 දක්වා කාලය තුළ වාර්තා වූ ආපදා තත්ත්වයන්ට අනුව එක් පුද්ගලයෙකු මියගොස්, තවත් එක් අයෙකු අතුරුදන්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර ඊයේ රාත්‍රියේ හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් ගලහිටියාව උතුර ග්‍රාම නිළධාරී වසමේ නිවාස 5කට හානි සිදුව ඇති අතර, ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියට ද දැඩි ලෙස හානි සිදු වී තිබේ.
අයහපත් කාලගුණයෙන් අසීරුතාවයට පත් පවුල් 26කට අයත් පුද්ගලයින් 94 දෙනෙකු මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 3ක රඳවා තැබීමට පියවර ගෙන ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පසසයි.



















































