
කිලෝ 21කට අධික 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳ තවත් කරුණු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කර සිටියේ, හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.
මාතර, වල්ගම ප්‍රදේශයේ නිවසක් ඊයේ (21) පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 21යි ග්‍රෑම් 810කට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් ලක්ෂ 5ක මුදලක්ද සොයාගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබූ මෝටර් රථයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 3ක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබාගෙන මාතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.



















































