
CNN,Politico සහ MS NOW යන අමෙරිකානු මාධ්‍ය ආයතන තමන්ට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට එරෙහිව ට්‍රම්ප් පාලනාධිකාරියට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව පවසා ඇත.
මෙම මාධ්‍ය ආයතන තමන්ට සහ තම කණ්ඩායමට එරෙහිව "බොරු සහ මනඃකල්පිත පුවත්" වාර්තා කරන බවට චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා මෙම තහනම පැනවීය.
ඒ අනුව සෙනසුරාදා සිට එම මාධ්‍යවේදීන්ගේ ඇතුළුවීමේ බලපත්‍ර අහෝසි කර තිබේ.
මාධ්‍ය ආයතන පවසන්නේ රජයට අවශ්‍ය දේ පමණක් මාධ්‍ය විසින් වාර්තා කළ යුතුයි යන මතයට එරෙහිව සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරැකීමට මෙසේ නඩු පවරන බවයි.
ABC, CBS, Fox News සහ NBC යන ප්‍රධාන නාලිකා ද මෙයට විරෝධය පළ කරමින් එකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර, ජනාධිපතිවරයාගේ සංචාර ආවරණය කරන මාධ්‍ය කණ්ඩායම් සේවයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇත.
ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ තමන් මාධ්‍ය නිදහසට පහර නොදෙන බවත්, තමන් පහර දෙන්නේ අසත්‍ය පුවත්වලට පමණක් බවත්ය.



















































