
සෞදි අරාබියේදී මරණඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ගේ පවුගේ ඥාතීන් පිරිසක් අද (21) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබුණි.
ඒ අනෝජන්ට සමාව ලබාදෙන ලෙසට සෞදි රාජ්‍යයෙන් සිදුකරන ඉල්ලීම් සඳහා මැදිහත්වන ලෙස ඉල්ලීම් කරමිනි.
ඔවුන් එලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පැමිණ තිබුණේ, අනෝජන් සිවරාසාට තම පවුලේ සාමාජිකයන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගැනීම සඳහා එරට බලධාරීන් විසින් ලබාදී තිබූ වේලාවේදීය.
ඒ අනුව, විපක්ෂ නායකවරයාටද එම අවස්ථාවේදී අනෝජන් සිවරාසා සමඟ දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවුණි.



















































