
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය අද (21) පස්වරු 4.00 සිට හෙට (22) පස්වරු 4.00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනු ඇත.
එම ප්‍රදේශ පහතින්,
අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න (රතු)
ගාල්ල දිස්ත්‍රික්කය - නෙලුව
කළුතර දිස්ත්‍රික්කය - වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය - පස්බාගේ කෝරලේ
කෑගල්ල දිස්ත්‍රික්කය - දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල, යටියන්තොට
නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර
රත්නපුර දිස්ත්‍රික්කය - රත්නපුර
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
කොළඹ දිස්ත්‍රික්කය - පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය - තවලම, නාගොඩ
කළුතර දිස්ත්‍රික්කය - අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය
මහනුවර දිස්ත්‍රික්කය -උඩපලාත, ගඟ ඉහල කෝරලේ
කෑගල්ල දිස්ත්‍රික්කය - බුලත්කොහුපිටිය, කෑගල්ල, වරකාපොළ, ගලිගමුව, රුවන්වැල්ල
මාතර දිස්ත්‍රික්කය - අතුරලිය, කොටපොළ, අකුරැස්ස, පිටබැද්දර
නුවරඑළිය දිස්ත්‍රික්කය - තලවකැලේ
රත්නපුර දිස්ත්‍රික්කය - පැල්මඩුල්ල, අයගම, කුරුවිට, නිවිතිගල, කලවාන, ඇලපාත
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
කොළඹ දිස්ත්‍රික්කය- සීතාවක
ගාල්ල දිස්ත්‍රික්කය - නියාගම, බද්දේගම
කෑගල්ල දිස්ත්‍රික්කය - රඹුක්කන
ගම්පහ දිස්ත්‍රික්කය - මීරිගම, අත්තනගල්ල
මහනුවර දිස්ත්‍රික්කය - පාතදුම්බර, යටිනුවර, දොළුව, උඩුනුවර
කුරුණෑගල දිස්ත්‍රික්කය - අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
මාතර දිස්ත්‍රික්කය - පස්ගොඩ
රත්නපුර දිස්ත්‍රික්කය- ඇහැලියගොඩ, කහවත්ත, කොළොන්න, ඉඹුල්පේ



















































