
රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් "ලොකු පැටී"ට අයත් බව කියන රුපියල් ලක්ෂ 350ක් පමණ වටිනා දේපොළක් තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන පර්චස් 15ක ඉඩමක් සහ එහි ඉදිකර ඇති නිවසක් මෙලෙස තහනම් කර තිබේ.
අදාළ ඉඩම සහ නිවස මතුගම, කැප්පෙටියගහලන්න ප්‍රදේශයේ පිහිටා ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසේකර මහතාගේ අධීක්ෂණයෙන් සිදුකරයි.



















































