
රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (20) දිනයේදී සැකකරුවන් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, දිවයින පුරා සිදු කරන ලද වැටලීම් 858කදීය.
එහිදී හෙරොයින් ග්‍රෑම් 432ක්, අයිස් ග්‍රෑම් 499ක් කොකේන් ග්‍රෑම් 110ක් සහ ගංජා ග්‍රෑම් 665ක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
මේ අතර අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් ඊයේ (20) දිනයේ පුද්ගලයින් 26,227 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී සැකපිට පුද්ගලයින් 432 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධවලට සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව 19කි.
දින වරෙන්තුකරුවන් 224ක් සහ විවෘත වරෙන්තුකරුවන් 121 දෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බීමත් රියදුරන් 219 දෙනෙකු සහ අපරික්ෂාකාරි රිය පැදවීම්වලට සම්බන්ධ පුද්ගලයින් 75 දෙනෙකු සිය භාරයට ගත් බව පොලිසිය නිවේදනය කරයි.
රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 3,733 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්ය.



















































