
මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේ තිබූ විශාල ගසක් හදිසියේ කඩා වැටීමෙන් එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන දෙකකට හානි සිදුව තිබේ.
අද (21) සිදුවූ මෙම අනතුරින් වාහනවල ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.
අදාල වාහන දෙකෙන් එක් වාහනයක් වෛද්‍යවරයෙකුට අයත් එකක් බව සඳහන් වන අතර, ගස කඩා වැටීමත් සමඟ ප්‍රදේශයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල විය.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.



















































