
Summary
ජපානයේ නැගෙනහිර වෙරළ තීරයේ ටෝකියෝවට ආසන්නව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබන සුළි කුණාටුවක් හේතුවෙන් එරට කාලගුණ අංශය ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඒ අනුව කුණාටු සහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අපේක්ෂාවෙන් ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇතැයිද වාර්තා වේ.
එමෙන්ම මෙම ටෝකියෝ ප්‍රාන්තයේ ස්ථාන කිහිපයක් සඳහා අනතුරු ඇඟවීම් කර ඇති අතර ඒ අනුව එම ප්‍රාන්තයේ ඔෂිමා නගරයේ නිවාස 1,901ක් සහ පදිංචිකරුවන් 3,020කට ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද කාලගුණ අංශ පියවර ගෙන තිබේ.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 300ක් පමණ අවලංගු කර ඇති අතර දුම්රිය ගමන්වාර රැසක්ද අත්හිටුවා ඇතැයිද වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ ජපානය මේ වසරේ මුහුණ දෙන 25 වැනි කුණාටුව මෙය වන බවත් එය පැයට කිලෝමීටර් 126ක වේගයෙන් හමා යනු ඇති බවත්ය.
එමෙන්ම කුණාටුව මේ වන විට එහි මධ්‍යය වටා පැයට කිලෝමීටර් 130ක වේගයෙන් අඛණ්ඩ සුළං ඇති කරමින් පැයට කිලෝමීටර් 194ක් දක්වා සුළං ඇති කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.
මේ හේතුවෙන් මිලිමීටර් 350ක වැසි අපේක්ෂා කරන බවත් පැයට කිලෝමීටර් 130ක වේගයෙන් සහ පැයට කිලෝමීටර් 194ක වේගයකින් යුතුව තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.
මේ වන විට අධික වැසි හමුවේ ජපානයේ චිබා ප්‍රාන්තයේ නායයෑමක්ද සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වී තිබේ.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් ජපාන අගමැතිනි සානේ ටකයිචිගේ එක්සත් ජනපද සංචාරයද ප්‍රමාද කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.



















































