header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
තවමත් නොවිසඳුණු ඕස්ට්‍රේලියානු අබිරහස - සිව් හැවිරිදි දරුවාගේ අතුරුදන් වීම
තවමත් නොවිසඳුණු ඕස්ට්‍රේලියානු අබිරහස - සිව් හැවිරිදි දරුවාගේ අතුරුදන් වීම
Mobitel 1278

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පිහිටි හුදකලා ගොවිපළක සිට අතුරුදන් වූ සිව් හැවිරිදි කුඩා පිරිමි දරුවා පිළිබඳව වසරකට ආසන්න කාලයක් ගතවී තිබුණද තවමත් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

2025 සැප්තැම්බර් 27 වනදා පස්වරුවේ ඇඩිලේඩ් නගරයේ සිට කිලෝමීටර් 300ක් පමණ දුරින් පිහිටි 'ඕක් පාර්ක්' නමැති තම පවුලේ බැටළු ගොවිපළේ එළිමහනේ සෙල්ලම් කරමින් සිටියදී මෙම කුඩා දරුවා අතුරුදන් වී තිබුණි.

ඔහු නිල් පැහැති ටී-ෂර්ටයක්, අළු පැහැති තොප්පියක් සහ බූට් සපත්තු යුගලක් පැළඳ සිට ඇති අතර, පස්වරු 5:00ට පමණ පස් ගොඩැල්ලක් අසල සෙල්ලම් කරනු ඔහුගේ මිත්තනිය විසින් දැක ඇත.

නමුත් පස්වරු 5:30ට පමණ ඔහුට නිවස තුළට එන ලෙස ඇමතීමට යන විට ඔහු එම ස්ථානයේ නොසිටි බවත් ඔහුව සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන්  පොලීසියට පැමිණිලි කළ බවත් මිත්තණිය පවසා තිබේ.

සිද්ධිය සැලවීමත් සමඟ දකුණු ඕස්ට්‍රේලියානු පොලිසිය, ආරක්ෂක හමුදාව සහ හදිසි සේවා කණ්ඩායම් එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළ අතර, හෙලිකොප්ටර්, ඩ්‍රෝන යානා සහ කෘතිම බුද්ධිය සහිත කැමරා භාවිත කරමින් වර්ග කිලෝමීටර් සිය ගණනක ප්‍රදේශයක් පරීක්ෂාවට ලක් කෙරිණි.

එමෙන්ම ගොවිපළේ තිබූ ජල තටාක, වැව් සහ අවට තිබූ පතල් අගාධයන් පවා පරීක්ෂා කළද කුඩා දරුවා පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකියාව ලැබී නොමැත.

ප්‍රදේශයේ පැවැති හුදකලා බව නිසා බාහිර පුද්ගලයෙකු පැමිණ දරුවා පැහැරගැනීමේ හැකියාව ඉතා අඩු බවත්, දරුවා තනිවම ගොස් අතරමං වී ඇති බවට සාක්ෂි නොමැති බවත් නිගමනය කළ පොලිසිය, 2026 පෙබරවාරි මාසයේදී මෙම සිද්ධිය 'බරපතළ අපරාධයක්' ලෙස නම් කළේය.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දරුවා අතුරුදන් වූ අවස්ථාවේ ගොවිපළේ සිටි පවුලේ සාමාජිකයන් ලබා දුන් තොරතුරුවල පරස්පරතා පැවැති බවය.

දරුවාගේ දෙමාපියන් මෙම සැකයෙන් නිදහස් කර ඇති අතර, ගොවිපළේ පදිංචිව සිටි දරුවාගේ මිත්තනිය සහ සීයා පොලිසියට සහය දැක්වීම නතර කිරීම නිසා ඔවුන් කෙරෙහි පොලිසියේ සැකය යොමුව තිබේ.

දැවැන්ත මෙහෙයුම් සහ නවීන තාක්ෂණය භාවිත කළද කුඩා දරුවාට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මෙය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වඩාත්ම අබිරහස් අතුරුදන් වීමක් ලෙස සඳහන් කර ඇත.

කෙසේවෙතත් දකුණු ඕස්ට්‍රේලියානු පොලිසිය කුඩා දරුවා සොයා තවදුරටත් විමර්ශන පවත්වයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ