
නේපාලයේ ඇතිවූ විනාශකාරී ජලගැලීම හේතුවෙන් එරට සමස්ත විදුලි උත්පාදන ධාරිතාවයට දැඩි බලපෑම් එල්ලවිය.
ඊට සහනයක් ලෙස දෙසැම්බර් 31 දක්වා නේපාලයට දිනකට පැය 18ක කාලයක් විදුලිය සැපයීමට අනුමැතිය ලබාදුන් බව ඉන්දීය විදුලිබල අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී මෙගාවොට් 654ක් දක්වා වූ විදුලි ධාරිතාවක් නේපාලයට සැපයීමට අනුමැතිය හිමිවී තිබේ.
ලබන වසරේ ජනවාරි මාසයේ සිට ලබාදෙන විදුලි ප්‍රමාණය පිළිබඳව දෙසැම්බර් මාසයේදී නැවත සමාලෝචනය කරන බවද ඉන්දියාව පවසයි.
ග්ලැසියරයක් කඩා වැටීම හේතුවෙන් හටගත් මෙම දරුණු ජලගැලීම නිසා නේපාලයේ සහ ටිබෙට් කලාපයේ පුද්ගලයින් 1,400 කට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර, නේපාලයේ ජලවිදුලි බලාගාර 12 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි.
තවමත් අතුරුදන්ව සිටින පිරිස අතර විදුලිබල මධ්‍යස්ථානවල සේවකයින්ද සිටින බව වාර්තා වෙයි.
















































