
වයඹදිග පාකිස්තානයේ කොහාට් (Kohat) දිස්ත්‍රික්කයේ පිහිටි පොලිස් ගොඩනැගිලි පරිශ්‍රයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ආගමික වතාවත්වල නිරත වෙමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවද සඳහන්.
පුපුරණ ද්‍රව්‍ය සහිත මෝටර් රථයකින් එම ස්ථානයට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව එම ස්ථානයට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් ද වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් 05දෙනෙකු, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු සිවිල් වැසියන් 11දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
















































