
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නීතිවිරෝධී ලෙස යාත්‍රා කිරීමට තැත්කළ බවට චෝදනා කරමින්, ඉන්ධන ප්‍රවාහනය කළ නෞකාවකට ඉරානය ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරය තහවුරු කරමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසා සිටියේ, මෙලෙස ප්‍රහාර එල්ල වී ඇත්තේ ටෝගෝ රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කළ නෞකාවකට බවය.
ඉරාන රාජ්‍ය මාධ්‍ය අද (18) වාර්තා කළේ, මෙම ප්‍රහාරයත් සමග නෞකාවේ ගිනිගැනීමක් හටගෙන ඇති බවත්, පසුව එහි ගමන් මග සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවත්ය.
















































