
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් නීතිවිරෝධී ක්‍රම මගින් ඉපයූ බවට සැකකරන, පුද්ගලයින් දෙදෙනෙකුට අයත් රුපියල් කෝටි 14කට ආසන්න දේපොළක් තහනමකට ලක්කර ඇත.
අදාළ සැකකරුවන්ගෙන් එක් අයෙකු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 900කට අධික වටිනාකමින් යුත් දේපොළක් ක්‍රියාවිරහිත කර තිබේ.
අනෙක් පුද්ගලයා තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු නීති විරෝධී ලෙස උපයා ගන්නා මුදලින් මිලදීගත් රුපියල් ලක්ෂ 350කට අධික වටිනාකමින් යුත් ජීප් රථයක් ක්‍රියා විරහිත කිරීමට කටයුතු යොදා ඇත.
වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධි ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති දේපොළ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනය සිදුකරනු ලබයි.
තහනමට ලක්වූ දේපොළ,
හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 7ක ඉඩම හා දෙමහල් නිවස (දළ වටිනාකම රු. ලක්ෂ 400)
හුණුපිටිය, වත්තල ලිපිනයේ පිහිටි පර්වස් 17 ක ඉඩම හා නිවාස දෙක (දළ වටිනාකම රු. ලක්ෂ 300)
හුණුපිටිය, වත්තල ලිපිනයේ පිහිටි පර්චස් 5ක ඉඩම හා ගොඩනැගිල්ල (දළ වටිනාකම රු. ලක්ෂ 50)
කාන්ති මාවත, හුණුපිටිය ලිපිනයේ පිහිටි පර්චස් 3ක ඉඩම හා ගොඩනැගිල්ල (දළ වටිනාකම රු. ලක්ෂ 70)
ස්පේසියා වර්ගයේ කාර් රථය (දළ වටිනාකම රු. ලක්ෂ 8)
විමර්ශනයට අනුව මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද අද සිට දින 14ක කාලයක් සඳහා ක්‍රියා විරහිතකිරීමේ නියෝග නිකුත් කර ඇත.
මේ අතර තණමල්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාද නීති විරෝධී ලෙස මිලදීගෙන ඇති දේපොළ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත, නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම විමර්ශනයද ආරම්භ කර තිබේ.
එම විමර්ශනයට අනුව ඉහත සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධි ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදීගෙන ඇති ටොයොටා වර්ගයේ ජීප් රථය (දළ වටිනාකම රු. ලක්ෂ 350) විකිණීම, පැවරීම හා වෙනයම් ක්‍රියාදාමයක් සිදුකිරීම වැළැක්වීම පිණිස ඊයේ (16) සිට දින 14ක කාලයකට ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.
















































