
යේමනයේ හූති සටන්කාමීන් සමඟ අමෙරිකානු නිලධාරීන් ඕමානයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඕමානයේ මස්කට්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී, ඕමාන රජය මැදිහත්වීමෙන් මෙම හමුව පවත්වා ඇති බව සඳහන් වෙයි.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් අදහස් පළ කර නොමැති බව සඳහන් වෙයි.



















































